සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

බද්දෙගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ සමෘද්ධි බැංකු 05 ක් සහ මහා සංගම් 1 කි.  මෙහි සමෘද්ධි ප්‍රතිලාභී  පවුල් ඒකක 4369 කි.  ඉන් ප්‍රතිලාභීන් 2111 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.  බද්දෙගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 2029230/- කි. 

එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සදහා රු. 185000/- ක් ද. සුළු කර්මාන්ත හා ව්‍යවසාකත්ව සංවර්ධන වැඩසටහන් සඳහා රු. 1574230/- ක් ද ධීවර හා සත්ව පාලන සඳහා රු. 270000/- ක්ද වෙන්කර ඇත.   බද්දෙගම පවතින සමාජ  පරිසර හා ආර්ථික වටපිටාව අනුව  අලෙවි සංවර්ධන වැඩසටහන් සඳහා197000/- ක මුදලක් වෙන් කර ඇත. 

සමෘද්ධි ප්‍රතිලාභී පවුල් 70 ක් සඳහා  ඉහත සඳහන් පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.  කෘෂි කර්ම සංවර්ධන වැඩසටහන් යටතේ ප්‍රතිලාභීන් 06 ක් සඳහා තේ පැල හා විසිතුරු මල් පැල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය. සත්ත්ව පාලන හා ධීවර වැඩසටහන් යටතේ ව්‍යාපෘති 07 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ  යටතේ ධීවර දැල් ලබාදීම,

එළු පාලනය, කුකුළු පාලනය, ගව පාලනය යන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති ආධාර ලබා දීමට සැළසුම් කර ඇත. සුළු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් යටතේ ව්‍යාපෘති 52 ක් සඳහා ආධාර කිරීමට නියමිත අතර මේ යටතේ මහන මැෂින්, කම්මල් කර්මාන්තය සදහා අවශ්‍ය උපකරණ, ආහාර නිෂ්පාදයේ යෙදෙන්නන් සදහා අවශ්‍ය  උපකරණ, ශීතකරණ, ශබ්ද විකාෂන යන්ත්‍ර ,  වෙළඳ ව්‍යාපාර සඳහා තරාදි හා වීදුරු අල්මාරි  හා වෙනත් කර්මාන්ත සඳහා ආධාර කිරීමට නියමිතවේ.අලෙවි සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 05ක් සඳහා ආධාර ලබා දෙන අතර මේ යටතේ කොළකැඳ අලෙවිය, ආහාර අලෙවිය වැනි ජංගම වෙළඳාම් සඳහා පාපැදි 1 ක් යතුරුපැදි 1 ක් හා ජංගම අලෙවි කුටි 03 ක් ප්‍රතිලාභීන් සඳහා ලබා දීමට නියමිතය.  

මීට අමතරව  ව්‍යාපාරික සංගමයේ සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් 05 ක් පැවැත්වීමට සැළසුම් කර ඇති අතර මේ යටතේ ගිණුම් පුහුණුව, සාරි ජැකට් පුහුණුව හා තිර රෙදි මැසීම යන පුහුණු පාඨමාලා පැවැත්විමට අදහස් කෙරේ. තවද දිස්ත්‍රික්කය තුල සාර්ථකත්වය කරා පියනගා ඇති කුඩා ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාරික ස්ථාන කරා රැගෙන ගොස් නිෂ්පාදන ක්‍රමෝපායන් තුලින්  ආහාර තාක්ෂණය හා  ප්‍රායෝගික පුහුණුව ලබා දීමට අපේක්ෂා කෙරේ.

News & Events

24
අගෝ2026
ජංගම සේවය - 2026.08.20 - මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

ජංගම සේවය - 2026.08.20 - මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

“බත්දුන්පුර අරුණෝදය” ජංගම සේවය 2026.08.20 වන දින...

10
අගෝ2026
පහන් සිත් ගී අරණ බැති ගී සරණිය

පහන් සිත් ගී අරණ බැති ගී සරණිය

 "පහන් සිත් ගී අරණ" බැති ගී සරණිය...

Scroll To Top