“බත්දුන්පුර අරුණෝදය” ජංගම සේවය 2026.08.20 වන දින මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මගපෙන්වීම බද්දේගම ප්‍රාදේශීය ලේකම්, නිලුකා එල්. සූරියආරච්චි මහත්මිය විසින් ලබාදුන් අතර මෙහි සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.
ඒ සඳහා වේවැල්දෙනිය, මඩොල්දූව, මාජුවාන, කෙරෙදේවල, බටකැටය යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව සහභාගී වූ අතර,
හැඳුනුම්පත් හා උප්පැන්න නිකුත් කිරීම
ළමයින් සම්බන්ධ ක්‍රියාකාරකම් පාදක විනෝදාත්මක වැඩසටහන් පැවැත්වීම
කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය
වැඩිහිටි හැඳුනුම්පත්, සමාජ සේවා කටයුතු සිදු කිරීම
ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම
ව්‍යාපාර නාම ලියාපදිංචිය
වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීම
කෘෂිකාර්මික භෝග සායනය
දන්ත සායන
බෝනොවන රෝග සායන
ආයුර්වේද සායන
ප්‍රාදේශීය සභාව මගින් පැවැත්වූ කසල පොළ යනාදී
සේවාවන් රැසක් එකම ස්ථානයකදී ඉටු කර ගැනීමේ අවස්ථාව ජනතාව සඳහා ලැබිණි.
එම අවස්ථාවට සහභාගී වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහතාටත්
ප්‍රවාහන කටයුතු හා ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දුන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලලිත් සේනානායක මහතාට හා කාර්ය මණ්ඩලයටත්,
ජංගම බස්රථ සැපයූ දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ටත්
දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට හා එහි වෛද්‍යවරුන් හා නිලධාරීන්ටත්
බද්දේගම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත්
සුළු අපනයන භෝග ව්‍යාපෘති නිලධාරී, මූලස්ථාන කෘෂිකර්ම උපදේශක, පොල් සංවර්ධන නිලධාරී හා කුරුඳු සංවර්ධන නිලධාරී ඇතුලු මහත්ම මහත්මීන්ටත්
මෙම අවස්ථාව සාර්ථක කිරීමට සහයෝගය ලබාදුන් මාජුවාන ශ්‍රී පුෂ්පාරාමයේ විහාරාධිපති බද්දේගම යතිරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ සියලුම ජනතාවටත් ස්තූතිය පුද කර සිටිමු.

"පහන් සිත් ගී අරණ" බැති ගී සරණිය සහ පාන් දන්සල
උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ "පහන් සිත් ගී අරණ" බැති ගී සරණිය, බද්දේගම ප්‍රදේශයේ රාජ්‍ය, ආගමික සහ අධ්‍යාපන ආයතන රැසක නිලධාරීන් ගී ගායනාවලින් වඩාත් අලංකාරවත් වුණි.
මෙහි විශේෂත්වය වූයේ සහභාගී වූ සෑම ආයතනයක්ම සහ පාසලක්ම වෙන වෙනම තමන්ගේම බැති ගී කණ්ඩායම් නිර්මාණය කරමින් ඉතාමත් සැදැහැ සිතින් යුතුව බැති ගී ගායනා ඉදිරිපත් කිරීමයි. මෙලෙස පින්බර සැඳෑව හැඩකළ බද්දේගම අපේ ආයතන සහ පාසල් සමූහය:
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
බද්දේගම ප්‍රාදේශී සභාව
බද්දේගම දිසා රෝහල
ප්‍රෙද්ශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH)
ගා/ක්‍රිස්තුදේව පිරිමි විදුහල
ගා/ ක්‍රිස්තුදේව බාලිකා විදුහල
ගා/රතනසාර විදුහල
ගා/ශාන්ත අන්තෝනි විදුහල
සංස්කෘතික මධ්‍යස්ථානය
බද්දේගම ක්‍රිස්තු දේවස්ථානය
ලංකා විදුලි බල මණ්ඩලය
බද්දේගම තැපැල් කාර්යාලය
වෘත්තීය පුහුණු අධිකාරිය
සී/ස විවිධ සේවා සමුපකාර සමිතිය - බද්දේගම
දහම් පාසල් ගුරු සංගමය
පෙර පාසල් ගුරු සංගමය
බැති ගී සරණියට සමගාමීව එදින පැමිණි පිරිස වෙනුවෙන් සංවිධානය කරන ලද "පාන් දන්සල" ද ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණු අතර, විශාල ජනකායකට ඉන් සංග්‍රහ කිරීමට අපට හැකියාව ලැබුණා.
මෙම බැති ගී සරණිය සහ පාන් දන්සල ඉතා සාර්ථකව නිම කරගැනීම සඳහා ශ්‍රමයෙන්, ද්‍රව්‍යයෙන් මෙන්ම විවිධ අයුරින් අපට උදවු උපකාර කළ, සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය හා ගෞරවය පුද කර සිටිමු...


සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දානමය පිංකම
අභිමානවත් 78 වන නිදහස් දින සැමරුම වෙනුවෙන්, බද්දේගම කොට්ඨාශයේ ජනතාවට සෙත් පතා සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දානමය පිංකම, පෙබරවාරි මස 03 සහ 04 දෙදින බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වින. බද්දේගම බලප්‍රදේශයේ සියලුම ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම අධ්‍යාත්මික වැඩසටහන් සංවිධානය කරන ලදී.
සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට විශේෂ ජන සත්කාරක වැඩසටහනට සමගාමීව බත්දුන්පුර අරුණෝදය ජංගම සේවය 2026.06.20 වන සෙනසුරාදා දින තෙලිකඩ මහා විද්‍යාලයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.
මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මගපෙන්වීම බද්දේගම ප්‍රාදේශීය ලේකම්, නිලුකා එල්. සූරියආරච්චි මහත්මිය විසින් ලබාදුන් අතර මෙහි සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.
ඒ සඳහා තෙලිකඩ, තෙලිකඩ නගරය, හොරගම්පිට, හොරගම්පිට මධ්‍යම හා පිටුවල්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව සහභාගී වූ අතර
හැඳුනුම්පත් හා උප්පැන්න නිකුත් කිරීම
ළමයින් සම්බන්ධ ක්‍රියාකාරකම් පාදක විනෝදාත්මක වැඩසටහන් පැවැත්වීම
කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය
වැඩිහිටි හැඳුනුම්පත්, සමාජ සේවා කටයුතු සිදු කිරීම
ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම
ව්‍යාපාර නාම ලියාපදිංචිය
වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීම
කෘෂි භෝග සායනය
දන්ත සායන
සුවනාරී සායන
බෝනොවන රෝග සායන
ආයුර්වේද සායන යනාදී
සේවාවන් රැසක් එකම ස්ථානයකදී ඉටු කර ගැනීමේ අවස්ථාව ජනතාව සඳහා ලැබිණි.













සත් ඉඳු කලා උළෙල 2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා පැවති වාර්ෂික කලා උළෙලේ සුවිශේෂී අවස්ථාවන්.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





















