“බත්දුන්පුර අරුණෝදය” ජංගම සේවය 2026.08.20 වන දින මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මගපෙන්වීම බද්දේගම ප්‍රාදේශීය ලේකම්, නිලුකා එල්. සූරියආරච්චි මහත්මිය විසින් ලබාදුන් අතර මෙහි සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.
ඒ සඳහා වේවැල්දෙනිය, මඩොල්දූව, මාජුවාන, කෙරෙදේවල, බටකැටය යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව සහභාගී වූ අතර,
හැඳුනුම්පත් හා උප්පැන්න නිකුත් කිරීම
ළමයින් සම්බන්ධ ක්‍රියාකාරකම් පාදක විනෝදාත්මක වැඩසටහන් පැවැත්වීම
කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය
වැඩිහිටි හැඳුනුම්පත්, සමාජ සේවා කටයුතු සිදු කිරීම
ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම
ව්‍යාපාර නාම ලියාපදිංචිය
වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීම
කෘෂිකාර්මික භෝග සායනය
දන්ත සායන
බෝනොවන රෝග සායන
ආයුර්වේද සායන
ප්‍රාදේශීය සභාව මගින් පැවැත්වූ කසල පොළ යනාදී
සේවාවන් රැසක් එකම ස්ථානයකදී ඉටු කර ගැනීමේ අවස්ථාව ජනතාව සඳහා ලැබිණි.
එම අවස්ථාවට සහභාගී වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහතාටත්
ප්‍රවාහන කටයුතු හා ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දුන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලලිත් සේනානායක මහතාට හා කාර්ය මණ්ඩලයටත්,
ජංගම බස්රථ සැපයූ දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ටත්
දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට හා එහි වෛද්‍යවරුන් හා නිලධාරීන්ටත්
බද්දේගම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත්
සුළු අපනයන භෝග ව්‍යාපෘති නිලධාරී, මූලස්ථාන කෘෂිකර්ම උපදේශක, පොල් සංවර්ධන නිලධාරී හා කුරුඳු සංවර්ධන නිලධාරී ඇතුලු මහත්ම මහත්මීන්ටත්
මෙම අවස්ථාව සාර්ථක කිරීමට සහයෝගය ලබාදුන් මාජුවාන ශ්‍රී පුෂ්පාරාමයේ විහාරාධිපති බද්දේගම යතිරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ සියලුම ජනතාවටත් ස්තූතිය පුද කර සිටිමු.















