අපගේ දැක්ම
විශිෂ්ට රාජ්‍ය සේවයක් තුලින් ප්‍රදේශයේ ජනතාව සහ ප්‍රදේශය සංවර්ධනය කරම්න් රටේ සමස්ථ සංවර්ධනයට දියක වීම.අපගේ මෙහෙවර
ප්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ සේවාවන් හා සංවර්ධන කටයුතු එකම වහලක් යටදී කාර්යක්ෂම හා ඵලදායිලෙස ලබා ගැනීමට හැකිවන පරිදි ජාතික හා පළාත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමබද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
අතීතයේ දුටු ගැමුණු කුමරු සොළීන් සමග යුධ වදින සමයේ එම සේනාවන් සඳහා බත් ලබා දුන් බැවින් බත් ලබා බත් දුන් ගම ලෙස අතීතයේ හැඳුන්වූ ගම ව්‍යවහාරයේ පැවත එමින් බද්දේගම නම් විය.
ගාල්ල නගරයෙන් කිලෝ මිටර 15ක් පමණ රට තුලට වන්නට බද්දේගම නම් සුන්දර ගම්මානය පිහිටා ඇත. අතිතයේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන වුවද වර්තමානයේ එය අභිබවා තේ වගාව මෙන්ම රබර්, පොල් සහ සුළු අපනයන බෝග ද පෙරමුණ ලබාගෙන ඇත.
ගිං ගඟ පහත් මිටියාවතට බද්දේගම කොටසක් අයත් වේ. එබැවින් අතීතයේ පටන් ගං වතුර අාපදා අත් දැකීම් ඇති ජනතාවගේ වී ගොවිතැන වාර්ෂිකව හානි වේ. මෙම හේතුව නිසාම රජය චීන රජය ඔස්සේ ක්‍රියාත්මක කරනු ලැබූ ගිං ගඟ ව්‍යාපාරය ඔස්සේ ගං වතුර පාලනය කරන ලදී.
වර්ග කිලෝ මීටර 112 ක් විශාලැති බද්දේගම කොට්ඨාසය පහත පරිදි අනෙකුත් කොට්ඨාස වලින් වෙන්වේ.
- උතුරු හා ඊසාන දිගින් වැලිවිටි දිවිතුර කොට්ඨාසයෙන්
- නැගෙනහිරෙන් නාගොඩ කොට්ඨාසයෙන්
- ගිණිකොණ දිශාවෙන් යක්කලමුල්ල කොට්ඨාසයෙන්
- දකුණු දිශාවෙන් අක්මීමන කොට්ඨාසයෙන්
- බටහිර දිශාවෙන් බෝපෙ - පෝද්දල කොට්ඨාසයෙන්
1987 වර්ෂයට පෙර බද්දෙගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 24කට බෙදා වෙන්ව පැවතුණු අතර 1987 දි එය 36ක් ලෙස ද 1989 සිට 70ක් දක්වා ද වැඩිකරන ලදී. වර්තමානයේ ද ග්‍රාම නිලධාරි වසම් 70කි.
නමුත් මැතිවරණ කොට්ඨාස ක්‍රමයේදී වසම් කිහිපයක් අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් වේ.
ගූගල් සිතියමෙන් පිහිටීම බැලීමට පිවිසෙන්න - Google Map
ආරම්භයේ පටන් මේ දක්වා සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු
| නම | සිට | දක්වා |
| වයි.ඩබ්. ගාමිණි අනුර මයා | 1990 | 1992 |
| ඒ. සමරසිංහ මයා | 1993 | 1995 |
| එන්. විදානපතිරණ මයා | 1995 | 2005 |
| පී.එස්. ගුණවර්ධන මයා | 2005 | 2012 |
| එල්.පී මාලනී මිය | 2012 | - |
| එන්. ගුණවර්ධන මයා (වැඩබැලීම) | 2012 | - |
| ඩී.කේ.එස්. ජයලක්ෂ්මි මිය | 2012 | 2016 |
| ලලින්ද ගමගේ මයා | 2016 | 2017 |
| අයි.එච්. රත්නවීර මිය | 2017 | 2018 |
| ආර්.එම්.අයි. ශ්‍රියානි එන්. විතාන මිය | 2018 | 2019 |
| නීතීඥ සී.බී.කේ. ජානක ගුරුසිංහ මයා | 2019 | 2021 |
| අයි.එස්. සමරකොන් මයා (රාජකාරි ආවරණය) | 2021 | - |
| ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මයා | 2021 | 2022 |
| ඩී. ධම්මික වීරකෝන් මයා | 2022 |
සමාජ ජාලා වෙබ් අඩවියෙන අප හා එක්වන්න - Face Book














