අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

24
අගෝ2026
ජංගම සේවය - 2026.08.20 - මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

ජංගම සේවය - 2026.08.20 - මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

“බත්දුන්පුර අරුණෝදය” ජංගම සේවය 2026.08.20 වන දින...

10
අගෝ2026
පහන් සිත් ගී අරණ බැති ගී සරණිය

පහන් සිත් ගී අරණ බැති ගී සරණිය

 "පහන් සිත් ගී අරණ" බැති ගී සරණිය...

26
ජූනි2026
බත් දුන්පුර  අරුනෝදය - ජංගම සේවය - 2026.06.20 - තෙලිකඩ මහා විද්‍යාලය

බත් දුන්පුර අරුනෝදය - ජංගම සේවය - 2026.06.20 - තෙලිකඩ මහා විද්‍යාලය

සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට...

04
මාර්2024
සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දානමය පිංකම

සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දානමය පිංකම

සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දානමය පිංකම...

04
දෙසැ2019
සත් ඉඳු කලා උළෙල 2026

සත් ඉඳු කලා උළෙල 2026

සත් ඉඳු කලා උළෙල 2026 ප්‍රාදේශීය ලේකම්...

 "පහන් සිත් ගී අරණ" බැති ගී සරණිය සහ පාන් දන්සල 

​උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ "පහන් සිත් ගී අරණ" බැති ගී සරණිය, බද්දේගම ප්‍රදේශයේ රාජ්‍ය, ආගමික සහ අධ්‍යාපන ආයතන රැසක නිලධාරීන් ගී ගායනාවලින් වඩාත් අලංකාරවත් වුණි.

​මෙහි විශේෂත්වය වූයේ සහභාගී වූ සෑම ආයතනයක්ම සහ පාසලක්ම වෙන වෙනම තමන්ගේම බැති ගී කණ්ඩායම් නිර්මාණය කරමින් ඉතාමත් සැදැහැ සිතින් යුතුව බැති ගී ගායනා ඉදිරිපත් කිරීමයි. මෙලෙස පින්බර සැඳෑව හැඩකළ බද්දේගම අපේ ආයතන සහ පාසල් සමූහය:

​    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

​    බද්දේගම ප්‍රාදේශී සභාව

​    බද්දේගම දිසා රෝහල

​    ප්‍රෙද්ශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH)

​    ගා/ක්‍රිස්තුදේව පිරිමි විදුහල

​    ගා/ ක්‍රිස්තුදේව බාලිකා විදුහල

​    ගා/රතනසාර විදුහල

​    ගා/ශාන්ත අන්තෝනි විදුහල

​    සංස්කෘතික මධ්‍යස්ථානය

​    බද්දේගම ක්‍රිස්තු දේවස්ථානය

​    ලංකා විදුලි බල මණ්ඩලය

​    බද්දේගම තැපැල් කාර්යාලය

​    වෘත්තීය පුහුණු අධිකාරිය

​    සී/ස විවිධ සේවා සමුපකාර සමිතිය - බද්දේගම

​    දහම් පාසල් ගුරු සංගමය

​    පෙර පාසල් ගුරු සංගමය

​ බැති ගී සරණියට සමගාමීව එදින පැමිණි පිරිස වෙනුවෙන් සංවිධානය කරන ලද "පාන් දන්සල" ද ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණු අතර, විශාල ජනකායකට ඉන් සංග්‍රහ කිරීමට අපට හැකියාව ලැබුණා.

​මෙම බැති ගී සරණිය සහ පාන් දන්සල ඉතා සාර්ථකව නිම කරගැනීම සඳහා ශ්‍රමයෙන්, ද්‍රව්‍යයෙන් මෙන්ම විවිධ අයුරින් අපට උදවු උපකාර කළ, සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය හා ගෞරවය පුද කර සිටිමු...

   

         

  

   

   

  

 

   22.jpg

Scroll To Top